එක් පුද්ගලයෙකුට මාසයක් ජීවත් වීම සඳහා රුපියල් 16,216ක මුදලක් ප්‍රමාණවත් බවට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති දත්ත දැඩි ලෙස විවේචනයට ලක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වර්තමාන ජීවන වියදම හමුවේ මෙවැනි දත්ත ප්‍රකාශ කිරීම ජනතාවගේ සැබෑ පීඩනය සමච්චලයට ලක් කිරීමක් බව ඔහු අවධාරණය කළේය.
අද (15) අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, බඩු මිල, විදුලි බිල සහ ජල බිල අහස උසට ඉහළ ගොස් ඇති පසුබිමක දිනකට රුපියල් 540කින් පමණ ජීවත් විය හැකි බව පැවසීම හාස්‍යජනක බවයි.
රාජ්‍ය ආයතන විසින් ස්වාධීන සහ නිවැරදි දත්ත ලබා දිය යුතු බවත්, දේශපාලන අවශ්‍යතා මත දත්ත වෙනස් කිරීම ජාත්‍යන්තරය හමුවේ රට අපකීර්තියට පත් කරන ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.















