ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලතම සහ නවීන පහසුකම්වලින් සමන්විත ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංකීර්ණයේ අභිනවයෙන් ඉදි කළ “අග්‍රා” ශ්‍රවණාගාරය අද (15) උත්සවාකාරයෙන් විවෘත කෙරුණි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු විය.
රුපියල් මිලියන 700ක ප්‍රතිපාදන යටතේ ඉදි කර ඇති මෙම ශ්‍රවණාගාරය ආසන 1,000කින් සමන්විත වන අතර, අති නවීන ශබ්ද පාලන, ආලෝකකරණ පද්ධති සහ භාෂා පරිවර්තන පහසුකම්වලින් යුක්තය. විශේෂයෙන්ම නාට්‍ය හා ප්‍රාසාංගික කටයුතු සඳහා භාවිත කරන අංශක 360ක ‘සයික්ලොරාමා’ පුළුල් තිරයක් මෙහි ස්ථාපිත කර තිබීම විශේෂත්වයකි. මීට අමතරව ප්‍රභූ විවේකාගාර, කලාගාර සහ වේශ නිරූපණ මැදිරිවලින් ද මෙම සංකීර්ණය සමන්විත වේ.
දිස්ත්‍රික්කයේ කලා, සංස්කෘතික සහ රාජ්‍ය උත්සව සඳහා පැවති අවශ්‍යතාවය සපුරාලමින් ඉදි වූ මෙම ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද














