27 April 2024
#සංවර්ධන

මැණික් කර්මාන්තය යම් පසුබෑමට හේතුව මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

සුළු පරිමාණයෙන් මැණික් ගැරීමේ නිරත වන සාමාන්‍ය ජනතාව ඉලක්ක කර නිතර සිදුවන පොලිස් විශේෂ කාර්ය බලකා වැටලීම් නිසා අද වන විට වීශාල වශයෙන් රත්නපුර දිස්ත්‍රීක්කයේ සාමාන්‍ය ජනතාව එම කර්මාන්තයෙන් ඉවත් වීමේ අවධානමකට මුහුන පා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

එම හේතුවෙන් සුළු පරිමාණ මැණික් වෙළදාම යම් පසුබෑමකට ලක්වී ඇති බව හෙතෙම පැවසිය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (13) එරබද්ද ප‍්‍රදේශයේ සංවිධානය කළ ජන හමුවකදීය.

කුඩා ඇල දොල ගංගා ආශ්‍රීතව කූඩ සහ වට්ටි යොදා ගෙන කරණු ලබන මෙම මැණික් කර්මාන්තය ප‍්‍රදේශයේ විශාල ජනතාවකගේ දෛනික ආදායම් මාර්ගය බවට පත්වී ඇති බවත් කලක සිට අඛන්ඩව සිදුවන වැටලීම් නිසා ඔවුන්ගේ දෛනික ජන ජීතය පවා අඩාල වී ඇති බව ජයසේකර මහතා කියා සිටියේය.

සමහර අවස්ථා වලදී මෙම වැටලීම් වලදී ජනතාවට පවා හිරිහැර සිදුවන බවද මෙහිදී පරිසර හානියක් ද සිදු නොවන බවද පැවසීය.

ප‍්‍රදේශයේ බහුතර ජනතාව මෙම ක‍්‍රමයට දීර්ඝ කාලයක සිට හුරුවී ඇති බවත් ඔවුන් දෛනිකව රුපියල් 1000ක් 2000ක් සොයාගෙන තමන්ගේ දෛනික ජීවිකාව මෙමගින් ගැටගසා ගන්නා බවත් ඔහු පැවසීය.

එම නිසා සුළු පරිමාණ මැණික් ගරන අයට යම් කිසි සහනයක් ලබා දෙන මෙන් තමන් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා හමුවී යෝජනා ඉදිරිපත් කළ බවත් ඉතා ඉක්මනින්ම ඒ ගැන අධ්‍යනය කර එම ජනතාවට කඩිනම් සහනයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු කියා සිටියේය.

එලෙසම පරිසර හානි අවම කිරීම සදහා නුදුරු අනාගතයේදීම නවීන තාක්ෂණය මෙම ප‍්‍රදේශයේ ජනතාවට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *