27 April 2024
#දේශීය

මැතිවරණ ප්‍රචාරක සඳහා ඩිජිටල් නාමපුවරු සහ සිනමා ශාලාවල ප්‍රචාරක කටයුතු තහනම්

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනය වන සේ මාර්ග දෙපස ඇති ඩිජිටල් නාමපුවරු ( Digital LED Holding) සහ සිනමා ශාලාවල ප්‍රචාරක පට ප්‍රචාරණය මැතිවරණ නීතිය අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි. එසේම මැතිවරණ නීතිය යටතේ ඩිජිටල් නාමපුවරු සහ සිනමා ශාලා තුළ මෙම ප්‍රචාරණය සපුරා තහනම් බැවින් එම ප්‍රචාරණය සඳහා කොන්ත්‍රාත්තුවලට එළැඹීම සහ ප්‍රචාරය කිරීම මැතිවරණ නීතිය අනුව දඩුවම් ලැබිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරනු ඇත.

කෙසේ වෙතත් එවැනි ප්‍රචාරක කටයුතුවල නියැලෙන පුද්ගලයන්ට එරෙහිව මැතිවරණ නීතිය යටතේ පියවර ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *