27 April 2024
#දේශීය

වෘත්තිය සමිති නායකයින්ගේ සෑබෑ ස්වරූපය දන්නවානම් වර්ජනය කරන්නේ නෑ – රාජ්‍ය ඇමැති අශෝක

වෘත්තීය සමිති නායකයන්ගේ සැබෑ ස්වරූපය පහල සමාජිකයන් දන්නවානම් වෘත්තීය ක්‍රියා මාර්ග වලට සම්බන්ධ වීමක් තියා ඒ ඒ සමිතිවලට බැදෙන්නේවත් නොමැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ” මම ප්‍රතිපත්තියක් විදයට කිසිවෙකුගේ පුද්ගලිකත්වය හා ආත්ම ගෞරවයට හානි කරන්නේ නැති නිසා ඒ කිසිවක් මම කියන්නේ නෑ. නමුත් මේ දෙය කිව යුතුයි. දැන් වර්ජනය ඔවුන්ට නවතා දැමීමට අවශ්‍ය වී තිබෙනවා. ඔවුන් පෞද්ගලිකව පැමිණ වර්ජනය නැවැත්වීමට බොරුවට හෝ යම් යම් පොරොන්දු දෙන ලෙසට ඉල්ලා සිටිනවා. ඒ ජනතාවට ආදරයෙන් නොවෙයි. ඔවුන්ගේ අතිකාල ප්‍රශ්ණ විසදා ගැනීමටයි. මේ ප්‍රශ්ණය මෙවර තාවකාලිකව විසදා අවසන් කරන්නේ නෑ. එසේ උවහොත් ඔවුන් දේශපාලකයන් හා එක්ව නැවත නැවත ජනතාව අපහසුතාවයට පත් කරනවා. රනුක්ගේ වැටුප් කොමිසමට අනුව තීරණ ගන්නවා. මෙවර දෙන්නේ ස්ථිර විසදුමක්. වැඩ වර්ජනය කිරීම් මගින් ජනතාව අපහසුතාවට පත් කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමනවා” යැයිද තව දුරටත් අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *