වෙඩි තබා ඝාතනය කෙරුණු වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර (මිදිගම ලසා) මහතාගේ නිවස අසල පිහිටි අඩි 35ක පමණ ගැඹුරු ළිඳක තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් මිදිගම පොලිසිය විසින් සොයාගෙන තිබේ. ලද තොරතුරක් මත මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද (අප්‍රේල් 20) දින දේහය ගොඩගැනීමට කටයුතු කෙරිණි.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි සංඛ නැමැති තරුණයෙකි. මියගිය පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත්, ඔහු පොලිසියට අවශ්‍ය කරන සැකකරුවකු දැයි තහවුරු කරගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මියගිය අයගේ මිතුරකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය සැලසුම් සහගත ඝාතනයක්ද නැතහොත් අනතුරක්ද යන්න පිළිබඳව මිදිගම පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මාතර මහ රෝහලට යොමු කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.














