27 April 2024
#සංවර්ධන

මීගමුවේ නීත්‍යානුකුල ඉඩම් ඔප්පු ලබා දීමේ මුලික සාකච්ඡාවක් රාජ්‍ය ඇමැති නිමල්ගේ ප්‍රධානත්වයෙන්

පවුල් දස ලක්ෂයකට ඉඩම් ඔප්පු ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ මීගමුව මහ නගර බල සීමාවේ නීත්‍යානූකූල ඉඩම් ඔප්පු අහිමි පවුල් සදහා ඉඩම් ඔප්පු ලබාදීමේ ගැටළු හදුනාගැනීමේ මුලික සාකච්ජාවක් ඊයේ (14) ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව පාතිමාවත්ත ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

මෙම ඉඩම් ඔප්පු ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ලංකාව පුරා ක්‍රියත්මක වන පවුල් දස ලක්ෂයකට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මකයි.

මෙහිදී 18 කුරුදුවත්ත, 19 ජනපද මාවත, 20 පාතිමාවත්ත ගම්මාන වල නිත්‍යානූකූල ඉඩම් ඔප්පු ලබා ගැනීමට අදාළව පවතින ගැටළු දීර්ඝ වශයෙන් සාකච්ජා කරනු ලැබීය.

හදුනාගත් ගැටළු අදාළ අංශ වලට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබා දීමේ රජයේ නිවරදි ක්‍රමවේදය අනුගමනය කරමින් ඉදිරි කාල සීමාව තුළ මෙම ගැටළුව විසදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

නිමල් ලාන්සා මහතා පවසා සිටියේ මීගමුව මහ නගර සීමාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් මෙම ප්‍රදේශයේ මාර්ග පද්ධති ගංවතුරෙන් යටවීම වැලැක්වීම සදහා ඇළ මාර්ග ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 300 ක මුදලක් මේ වන විට වෙන් කර ඇති බවයි.

යටිතල පහසුකම් සංවර්ධනය යටතේ මාර්ග, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, විදුලිය, සේවා පියස ඇතුළු අනෙකුත් පොදු පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මීගමුව හිටපු නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *