ශ්‍රී ලංකාව වටා පවතින මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම උපදේශනය අද (මැයි 30) පස්වරු 4.30 සිට හෙට (මැයි 31) පස්වරු 4.30 දක්වා බලාත්මක වේ.
මුලතිව් සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශවලත්, ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 65ත් දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මෙම තද සුළං තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකිය.
මෙම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටින අතර, කාලගුණ අනාවැකි නිරන්තරයෙන් නිරීක්ෂණය කරන ලෙසත් ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් බලධාරීන් සිහිපත් කරයි.
