27 April 2024
#දේශීය

මුළු දිවයිනට අද රාත්‍රී 9යේ සිට ඇඳිරි නීතිය පනවයි

දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන බව පොලිසිය පවසයි.

 නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතට පොලිස් ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතට පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය. 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *