27 April 2024
#දේශීය

මෙරටට පැමිණි සිව්දෙනාට කොරොනා වෛරසය මෙතෙක් ආසාදනය වී නොමැත

”කොරෝනා” වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවන් තිදෙනෙක් හා ශ්‍රී ලාංකික කාන්තාවක් තුළ මෙම වෛරසය ආසාදනය වී නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයෙ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

වෛද්‍යවරයා කියා සිටියේ, පසුගිය 23 වන දා අංගොඩ රෝහලට ඇතුළත් කළ මෙම පිරිසගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කරන බවයි.
මෙලෙස පරිෂණ සඳහා රෝහල් ගත කර හතරදෙනාගෙන් දෙදෙනෙකු ශ්‍රී ලාංකකියන් වන අතර, අනෙක් දෙදෙනා චීන ජාතික සංචාරකයෝ වෙති. ශ්‍රී ලාංකකියන් දෙදෙනාගෙන් එක් අයෙකු චීනයේ වුහාන් නගරයේ පිහිටි අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබා ලංකාවට පැමිණි ශිෂ්‍යයෙකු බවද සෞඛ්‍ය අංශය පවසා සිටියි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *