27 April 2024
#දේශීය

කොරොනා වෛරසය යැයි සැකපිට මෙරටට ආ කාන්තාවක් දෙදෙනා රෝහල් ගත කරයි

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට චීනයෙන් සිට මෙරටට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු අංගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම කාන්තාවන් දෙදෙනාට එම රෝගය වැළඳී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බව සෞඛ්‍ය අංශ පැවසිය.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ චීනයේ වූහාන් පළාතේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් සහ මෙරට සංචාරයක් සඳහා පැමිණි චීන ජාතික කාන්තාවකි.

ඔවුන් පරික්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සෙම සාම්පල සහ රුධිර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *