29 April 2024
#දේශීය #පුවත්

මෙරට දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමට ජපානයේ පාපැදි

දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩ ව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් ‘චයිල්ෆන්ඩ්’ආයතනය මෙරටට පාපැදි 500ක ප්‍රදානයක් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙම පාපැදි නිල වශයෙන් භාර දීම අද දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල .වෝටර්ස් එජ්හි. දී පැවති අතර එම අවස්ථාවට මෙරට ජපන් තානාපති මිෂුකොෂි හයිදේකි (MIZUKOSHI Hadeaki) මහතා, ජපන් ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ නියෝජිත යුකෝ ඉෂාණ්ඩා (YUKO ISHANDA) හා ලංකා ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ආදිති ගෝෂ් (ADITI GOSH) මහත්මිය යන අය සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *