29 April 2024
#දේශීය #පුවත්

සමගියේ කිසිවෙක් රනිල් වික්‍රමසිංහ සමඟ එකතුවෙන්නේ නෑ – තිස්ස අත්තනායක

සමගි ජනබලවේගයේ කිසිවෙක් රනිල් වික්‍රමසිංහ සමඟ එකතුවෙන්නේ නැති බවත් රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු ආණ්ඩුව දැන ගිලෙමින් තිබෙන්නේ බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසවේ අද (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට බිම් මට්ටමේ කිසිදු බලයක් නෑ. ඔවුන්ට ජනතා පිළිගැනීමක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා රනිල්ව ශක්තිමත් කරන්න හෝ සිරිසේනව රැකගන්න කියලා ඔවුන් හිතනවානම් ඒක සිදුවෙන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මුහුණ දි සිටින ගැටලුකාරී තත්ත්වයෙන් ඔහුව මුදවාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවෙනවාද කියන එක ගැන ජනතාව ප්‍රශ්න කරනවා. මෛත්‍රී රනිල් එකතුවුණා කියලා අමුතු දෙයක් රට වෙනුවෙන් කරන්න බෑ. සමගි ජනබලවේගයේ කිසිවෙක් රනිල් වික්‍රමසිංහ සමඟ එකතුවෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු ආණ්ඩුව දැන ගිලෙමින් තිබෙන්නේ. ගිලෙන නැවකට පනින කිසිවෙක් උත්සහ කරන්නේ නෑ. ‘‘ යැයි මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *