27 April 2024
#දේශීය

මෙරට නිෂ්පාදිත මුල්ම මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

අතීත යුද අත්දැකීම් ද ඇසුරු කර ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කළ මෙරට මුල්ම මල්ටි බැරල් රොකට් විදිනය සහ මිසයිලය පසුගිය 71 වන ජාතික දින උලෙළේ දී ජාතියට ප්‍රදර්ශනය කෙරිණි.

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් බි්‍රගේඩියර් ආචාර්ය ටිරාන් ද සිල්වා මහතා විසින් එම අනුරුව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *