27 April 2024
#දේශීය

මෙවර සවුදි රජය විසින් රට ඉදි වැඩි ප්‍රමාණයක් මෙරටට – ඇමැති අබ්දුල් කියයි

පසුගිය වසරේ රාමසාන් සමයේදී මුස්ලිම් බැතිමතුන්ගේ පරිබෝජනය සදහා සවුදි රජය විසින් ලබා දුන් රට ඉදි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ වසරේදී ලබා දෙන බව දැනුම් දුන් බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ගරු එම්.එච්.අබ්දුල් හලීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ සවුදි තානාපති අබ්දුල් නාසීර් බිල් හුසේන් අල්හාරිස්ති මහතා සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුවයි.

ඉකුත් වසරේදී රාමසාන් උපවාස කාලය අවසාන භාගයේදී රට ඉදි ලැබුන නමුත් මෙවර නියමිත කාලයට ප්‍රථමයෙන් එම තොග ගෙන්වා ගැනීමට තමා බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මලික් මහතා, ගරු අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් ෆාහිම් මහතා ඇතුළු පිරිසක් සහභාගි විනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *