27 April 2024
#දේශීය

මේක විපක්ෂය නැතිවෙන අයවැයක් – ඇමැති රවි කියයි

මේක මැතිවරණ අයවැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අයවැයක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) පෙරවරුවේ කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින්.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, “සීමිත සම්පත්, අසීමිත ඉල්ලීම් සදහා යොදාගනිමින් මෙවර අයවැය ඉදිරිපත් කරලා තිබෙනවා. ආණ්ඩුවක් වශයෙන් ජනතාවට පුළුවන් උපරිමයෙන් සහන ලබාදෙන්න තමයි අපේක්ෂා කරන්නේ. මීටත් වඩා දෙන්න තිබෙනවානම් හොදයි.ඒ පිළිබදව අවධානය යොමුකරලා, අඩුපාඩු තිබෙනවානම් ඒවා සකස් කරගන්න මේ දවස්වල කටයුතු කරගෙන යනවා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ, යමක් කිව්වොත් ඒ දේ කරන පක්ෂයක්. අපි ආණ්ඩුවක් වශයෙන් අයවැය ඉදිරිපත් කළේ විශිෂ්ඨ ආකාරයෙන් සම්මත කරගෙන ජනතාවට සහන සලසන්න මිසක්, කාටවත් බයේ කටයුතු කරන්න නෙමෙයි. ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියලා සටන් කරලා අවසානයේ ජනතාව තමයි දුක් විදින්නේ. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යම් එකගතාවයක් ඇති කරගෙන, එකට වැඩකරන්න පුළුවන් තත්ත්වයක් උදාකරගෙන සෙතක් සලසා ගතයුතුයි.

ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ වනවිට එකට වැඩකරගෙන යනවා. කොහේ හෝ මෙහි දුරස්ථ බාවයක් ඇති වෙලා තිබෙනවා. අන්න ඒ දුරස්බව නැති කරගෙන , නිවැරදි ඉදිරි ගමනක් යන්න අපි දැඩි උත්සාහයක යෙදෙනවා” යැයි පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාව සදහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාද සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *