27 April 2024
#දේශීය

මේ අර්බුධ කළේ මම නෙමෙයි රනිල් – ජනපති

රට තුළ පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බවත් මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කළේ තමා නොවන අතර රට විනාශ මුඛයට ඇඳගෙන ගිය එක්සත් ජාතික පක්ෂ නායකයා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එම අදුරදර්ශී වැඩපිළිවෙළ නිමා කර රට ගොඩනැංවීමේ පුණ්‍යකර්මයට දායකවන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ සහ නායකයන් වෙත සාමයේ දෑත් දිගු කරන බව ද ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (04) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා “රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අන්ත ලිබරල්වාදී දේශපාලන දර්ශනය රට විනාශ කළා පමණක් නොව යහපාලන සංකල්පය ද අමු අමුවේ ඝාතනය කර දැමූ බවයි. එම ප‍්‍රතිපත්ති හමුවේ ප‍්‍රබුද්ධ දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව තමන්ට ද අනිටු විපාකවලට මුහුණදීමට සිදුවූ බව සඳහන් කළ ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළ හමුවේ තමාට ලබාදිය හැකිව තිබූ එකම පිළිතුර ඔහු අගමැති ධූරයෙන් ඉවත් කර දැමීම බව ද කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සැමදා විශ්වාසය තබා ඇත්තේ මේ රටේ ජනතාව පිළිබඳව බව පැවසූ ජනාධිපතිතුමා රට විනාශ කරන අන්ත ලිබරල්වාදී දේශපාලන වැඩපිළිවෙළ පරාජය කළ හැකි එකම දේශමාමක, මානවවාදී දේශපාලන පක්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ වෙනුවෙන් පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යා යුතු බවත් අවධාරණය කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *