27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට කිසිම චෝදනාවක් නෑ – මහින්ද අමරවීර කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමට කිසිදු වංචා දුෂණය සම්බන්ධයෙන් චෝදනාවක් නොමැති බව මහින්ද අමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය අමතමින්.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කියන්නේ කිසිදාක නැති කරන්න බැරි පක්ෂයක් බවත් රට වෙනුවෙන් තීන්දු ගත්ත පක්ෂයක් බවයි. ආණ්ඩුවෙන් එලියට ආපු වේලාවේ පවා ජනතාව අප සමඟ සිටි බව ද හෙතෙම කියා සිටියේය. ශ්‍රී ලංකා සියළු අභියෝග වලට මුහුණ දීමට හැකි පක්ෂයක් බවයි.

ඡන්ද කාලයට ගෙවල්වලට ගොස් ජනතාවගෙන් ප්‍රසාදයක් ලබා ගැනීමට හැකි පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි. මාතෘ භුමිය වෙනුවෙන් පෙනී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ බව අමරවීර මහතා පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *