• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ ජනවරම ඉවර වෙනකන් ඉන්නවා – ජනපතිවරණයට නොවැම්බර් බව ඇමැති පාඨලි කියයි

21 May 2019
in දේශීය

ඊළඟට ජනාධිපති මැතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වෙන බවත් එය ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීමෙන් අනතුරුව පැමිණි සිටි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” අපිට ජනතාව ජනවරමක් දී තිබෙනවා. ඒ ජනවරම ඉවර වෙනකං අපි ඉන්නවා. අපි කිසිම අවස්ථාවක අපට 2015 ජනාධිපතිවරණයේදී හෝ මහමැතිවරණයේදී ඡන්දය දුන් ජනතාවට නිගා කරන්න අපි ලැහැස්ති නැහැ. නමුත් මේ අවස්ථාව අපි දකිනවා විශේෂ අවස්ථාවක් ලෙස. පක්ෂ භේදයෙන් තොරව සියළු දෙනාම මේ ත‍්‍රස්තවාදය පරාජය කිරීම, ඒ වගේම රටේ සාමය දිනා ගැනීම කියන කටයුතුවලට මැදිහත් වෙන්න ඕනේ කියලා අපි කල්පනා කරනවා.

ඊ ළඟට ජනාධිපති මැතිවරණය එනවා නොවැම්බර් මාසයේදී. ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශ කරයි. එදාට ජනතාවට අවස්ථාවක් ලැබෙයි. එතකං මේ ආණ්ඩුව පෙරළන්න, වෙනස් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ. එක එක්කෙනා රාවයන් පතුරුවනවා. හැබැයි අපි එකක් කියන්න ඕනේ, මේ රටේ නිපුණතාවයට, කුසලතාවයට මුල්තැන දෙන රටක්, ජාතික ආරක්‍ෂාව සුරකින රටක් අපි හදන්න ඕනේ. පවුල්වාදයෙන් තොරව, පවුල්වලින් එන පුද්ගලයෝ, ඒ වගේම සුදුසුකම් නැති ගජමිතුරෝ වෙනුවට කුසලතාවය, නිපුණතාවය තිබෙන පිරිස් රාජ්‍ය පාලනය කරන්න සුදුසු කාලය දැන් එළඹිලා තියෙනවා කියන එක කියන්න ඕනේ.

අපි ශ‍්‍රී ලාංකික පුරවැසියෝ, පිටරට පුරවැසියෝ නෙමෙයි. අපි මේ රටේ ඉපදිලා මේ රටේම කටයුතු කරලා මේ රටේම මිය යනවා. ඒ වගේම මුළු ඉතිහාසය පුරාම අපි මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, මෙරටේ දියුණුව වෙනුවෙන්, ඒ වගේම අපේ අමාත්‍යාංශ හරහා දූෂණයෙන්, වංචාවෙන් තොරව අමාත්‍යාංශ කරලා, ආදර්ශයක් දීපු පිරිසක් හැටියට අපි ඒ අභියෝගය ඉදිරියේදී ජය ගැනීම සඳහා ක්‍රියාකරන බව කිව යුතු “යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 9
Previous Post

සජිත් මංගල ගමනක් අරඹයි

Next Post

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජවිපේ කථානායකට භාර දෙයි

editor

editor

Next Post

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජවිපේ කථානායකට භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved