27 April 2024
#දේශීය

මෛත්‍රි නාම යෝජනා නොදුන්නොත් මේක ඉතිහාසගතවන ජනාධිපතිවරණයක් – මැ.කො

මෙවර ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති, වත්මන් අගමැති, වත්මන් විපක්ෂනායක, හිටපු විපක්ෂනායක ඉදිරිපත් නොවන එකම මැතිවරණය මෙය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ අද (04) කැඳ වු මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී සභාපතිවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා නාම යෝජනා නොදිය සිටියහොත් මෙය ඉතිහාස ගතවන ජනාධිපතිවරණයක් බවයි. මේ වන විට නාම යෝජනා 23 දෙනෙකු ලබා දී ඇති අතර ඉදිරියේදී එය වැඩීවීමක් සිදුවනු ඇති බව හෙතෙම පැවසිය. ඒ් අනුව මිලියන 5000 ක වියදමක් මෙවර මැතිවරණය සඳහා වැය වනු ඇති බව දේශප්‍රිය මහතා කියා සිටියේය.

එසේම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ දේශපාලන ප්‍රවර්ධන කටවුට් හා බැනර් ඉවත් කිරීමක් නොකරහොත් එය නාමයෝජනා දිනයේ සිට දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔහු අනාවරණ කළේය. දේශපාලන ප්‍රරවර්ධන කටවුට් හා බැනර් ස්වෙච්චාවෙන් ඉවත් කරන ලෙස අදාළ දෙශපාල පක්ෂ අපේක්ෂයින් හට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති පැවසීය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *