• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා එනවා නම් අපි කැමැතියි – බය නැතිනම් නඩුවලට පෙනී ඉන්න – මනුෂ කියයි

4 October 2019
in දේශීය

ගෝඨාභය රාජපක්ෂ යනු එක්සත් ජාතික පක්ෂයට ලෙහෙසියෙන්ම පරාජය කළ හැකි අපේක්ෂකයා බවත්, මේ නිසා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සජිත් ප්‍රේමදාස මහතාට වඩාත් වාසිදායක බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා “ දැන් ඔය බය නැති ගෝඨා කියලා කියනවානේ. බය නැතිනම් මේ නඩුවලට මෙතරම් බය වෙන්නේ ඇයි? වැරදි කරලා නැති නම් මේ තරම් බය වෙන්නේ ඇයි? නඩුවලට වාරණ ගන්නවා. වැරදි කරලා නැති නම් බය නැතිව නඩුවලට පෙනී ඉන්න ඔ්න. වැරදි කරලා තියෙන බව දන්නා නිසා තමයි මේ විදියට නඩු මග අරිමින් ඉන්නේ. මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ඡන්දෙට එනවට අපි කැමැතියි. ගෝඨාභය රාජපක්ෂ තරම් වාසිදායක අපේක්ෂකයෙක් තවත් නැහැ. ඒ නිසා ගෝඨා ඡන්දෙට එනව අපි කැමැතියි. අපිට හොදම අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ තමයි. සිංහල ඡන්ද පදනම, තමන්ගේ ඡන්ද ගුලක් බවට පත් කරගෙන අනෙක් ජාතීන් පීඩාවට පත් කරලා, සිංහල ඡන්ද ගොඩින් සියයට හැටක් හැත්තෑවක් ගන්න ජාතීන් අතර භේධ ඇති කරන මේ අය තමයි. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තැන තැන බෝම්බ තියෙනවා කියලා ප්‍රචාර යවලා, පාසල්වලට ගහනවා කියලා ප්‍රචාර යවලා බියක් ඇති කළේ මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු තමයි. හෙට දවසේ මේ මැතිවරණයට පෙර තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් බෝම්බයක් වුනත් පුපුරවන්න මේ අයට පුලුවන් කියලා අපිට හිතෙනවා. තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අහිංසක පුද්ගලයින් භාවිතා කිරීමට මොවුන්ට හැකියි. රට වෙනුවෙන් තමන්ගේ අත් පා අහිමි කරගත් රණවිරුවන් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට මේ අය භාවිතා කළා. තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් මොවුන් ඔ්නම දෙයක් කිරීමට සුදානමින් ඉන්නවා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බොරු බියක් ඇති කිරීමට තමයි මේ අය කටයුතු කරන්නේ. රාජපක්ෂ කදවුර පෙන්වන්න හදන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න එකම කණ්ඩායම තමන් කියලා පෙන්වන්න තමයි මොවුන් හදන්නේ. ඒ නිසානේ හිටපු හමුදාපතිවරයෙක් මැතිවරණයට ඉදිරිපත් වන විට භූමිතෙල් ගෑවුණ ගැරඩියෙක් වගේ කටයුතු කරන්නේ. යැයි මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා කියා සිටියේය.

Post Views: 7
Previous Post

සජිත් හංසයාගෙන් ඇප මුදල් තැන්පත් කරයි

Next Post

මෛත්‍රි නාම යෝජනා නොදුන්නොත් මේක ඉතිහාසගතවන ජනාධිපතිවරණයක් – මැ.කො

editor

editor

Next Post

මෛත්‍රි නාම යෝජනා නොදුන්නොත් මේක ඉතිහාසගතවන ජනාධිපතිවරණයක් - මැ.කො

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved