27 April 2024
#දේශීය

හිටපු ආරක්ෂක ප‍්‍රධානීන්ගේ වාර්තාව විපක්ෂනායක විසින් ජනපතිට පිළිගන්වයි

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප‍්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන් වාර්තාව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගන්වන ලදී.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරිය, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් ජයනාත් කොළඹගේ, හිටපු පොලිස්පතිවරුන් වන මහින්ද බාලසූරිය, චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *