27 April 2024
#දේශීය

යහපාලන ආණ්ඩුව නීතියේ දෙවඟන නින්දිත ලෙස කෙළෙසා ඇති බව කුමාරසිරි කියයි

නීතිය සැමට සාධාරණ ව ඉටු වීමට ඉඩ හැරීම රජයක යූතුකම හා වගකීම වුව ද යහපාලන ආණ්ඩුව නීතියේ දෙවඟන නින්දිත ලෙස කෙළෙසා ඇති බව විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ දෙනියාය -විහාරහේන ,කුරුලුගල ,කොටපොළ ,වරල්ල ප්‍රදේශයන්හි ජනතාවගේ ආරාධනයෙන් ,රටේ වත්මන් දේශපාලන තත්වය ගැන සාකච්චා කිරීමට පැවැති සුහද හමු කීපයකට සහභාගී වෙමිනි.

ජනතාව ආණ්ඩුවක් පත් කර ගන්නේ ආරක්‍ෂිත රටක නිදහසේ සතුටින් ජීවත් වීමට බවත් යහපාලනයට රට බාර දීමෙන් අද වන විට ජනතාවගේ එම බලාපොරොත්තු සුන් වී ගොස් බවත් කුමාරසිරි මහතා ප්‍රකාශ කර සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” අද අප සිටින්නේ සිහි බුද්ධියෙන් රට ගැන බැලිය යුතු කාලයක .පාලකයන්ගේ ක්‍රියාකාරිත්වය නිසා රට විනාශකාරී තැනකට ඇද වැටිලා .නිසි ආරක්ෂාව සහිත රටක ,ශක්තිමත් ආර්ථිකයක් ,යුක්ති ගරුක හා සදාචාර සම්පන්න සමාජයක් ගැන විශ්වාසය තියල ජනතාව යහපාලන ආණ්ඩුව ගෙන ආවා .අද ඒ සියල්ල බිඳ වැටිලා . පාලකයන් වැඩ කරන්නේ විකෘති මනසින් . ජනතාවත් අන්ද මන්ද වෙලා . පාලකයන් හිතා මතාම මිනිස්සුන්ගෙ ඡන්ද බලය යටපත් කළා .මහින්ද රාජපක්‍ෂ මහත්තය එදා ඡන්ද තිබ්බෙ පෝලිමට .ඒක තමයි ජනතාවාදී ආණ්ඩුවක ලක්‍ෂණ .චන්ද්‍රිකා නෝනාගෙන් එදා මහින්ද මහත්තය රට බාර ගත්තෙ නැත්නම් අද අපට රටක් නෑ . මුල සිටම යහපාලකයන් නීතියට ,යුක්තියට පයින් ගැහුවා .අද ඒ ගැන සාක්‍ෂි සහිතව එලියට ඇවිත් .පදනමක් නැති නඩු දාල රාජපක්‍ෂ වරුන්ගේ දේශපාලනය නතර කරන්න හැදුවා .ඒවාට සම්බන්ධ අය කවුද කියා ඒ අයගෙන් ම දැන් කියවෙන්න පටන් අරන් බව” යැයි විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *