27 April 2024
#දේශීය

හේමසිරිටත් පුජිතටත් ඇප ලැබෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

මේ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර තිබේ.

එමෙන්ම අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම තහනම් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණ භාරයට ගන්නා ලෙසද නියෝග කළා.

සැකකරු ගොනුකර තිබූ ප්‍රතිශෝධන ඇප අයදුම්පත සළකා බැලූ අවස්ථාවේදී විනිසුරු මංජුල තිලකරත්න සැකකරුට වැඩිදුරටත් දැනුම් දුන්නේ සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා හමුවේ පෙනී සිටින ලෙසයි.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *