27 April 2024
#දේශීය

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය හෙටින් අවසන්

මෙරට භාවිත කරන යාන්ත්‍රික කියත් (Chainsaw machines) ලියාපදිංචි කිරීම සඳහා ලබා දී තිබු කාලය හෙටින් (28) අවසන් වන බව ආරක්‍ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.

ආරක්‍ෂක අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියෝගය පරිදි ආරක්‍ෂක අමාත්‍යංශය විසිනු ගත් තීරණයක් අනුව මෙම පියවර ගෙන ඇති අතර වන විනාශය පාලනය කිරීම, යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ඡාවාරම් නතර කිරීම සහ ගස් කැපීම නියාමනය කිරීම මෙහි අරමුණ වේ.

ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනික හෝ පුද්ගලිකවම භාවිත කරන සියලුම යාන්ත්‍රික කියත්, ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ඉදිරිපත් කර ලියාපදිංචි බලපත්‍රයක් ලබා ගත යුතුවේ.

එම ලියාපදිංචි කිරීම් පසුගිය පෙබරවාරි 20වනදා ආරම්භ කරන අතර සියලු ලියාපදිංචි කිරීම් හෙට ( 28) වනදා වනවිට අවසන් කළ යුතු බව අමාත්‍යංශය සදහන් කරනු ලැබේ. අදාළ ලියාපදිංචියෙන් පසු, හඳුනාගැනීම සදහා විශේෂ බලපත්‍රයක් හා අංක තහඩුවක් නිකුත් කිරීමට ද නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *