රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය හරහා බුදුදහම සහ ශාසනය විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පවසමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර ඇත. දුස්ශීල භික්ෂූන් සම්බන්ධයෙන් පියවර ගැනීමට පක්ෂයේ විරුද්ධත්වයක් නොමැති වුවද, භික්ෂූ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නිසි ක්‍රමවේදයක් පවතින බව පක්ෂය අවධාරණය කරයි. අදාළ කැබිනට් පත්‍රිකා සකස් කර ඒවා මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කර, උන්වහන්සේලාගේ අනුදැනුම මත පසුව තීරණ ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.














