6 May 2024
#දේශීය #පුවත්

යුධ හමුදා කැබ් රථයක් අනතුරට.. හමුදා සෙබලෙකු මිය යයි

මාන්කුලම, වසන්තනගර් හන්දිය අසලදී ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුධ හමුදා සෙබළුන් රැගත් කැබ් රථයක් අනතුරට පත් වීමෙන් යුද හමුදා සෙබලෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම අනතුරින් තවත් සෙබළුන් 09 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කිලිනොච්චි රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම අනතුර අද (26) අළුයම කාලයේදී සිදුව ඇති අතර ලොරි රථය හා කැබ් රථය ගැටීමෙන් කැබ් රථයේ පිටුපසු ගමන් කල යුධ හමුදා සෙබළෙකු රථයෙන් විසි වී ගොස් පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී බරපතල තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් ඇත. තුවාල ලැබු තවත් සෙබළුන් 09 දෙනෙකු ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 39 ක් වු ඇහැටුවැව, ගල්ගමුව ප්‍ර දේශයේ පදිංචි යුද හමුදා 07 වන සේවා බලකායට අනුයුක්ත මුරුක්කණ්ඩි කඳවුරේ සැරයන්වරයෙකු වේ.

මෘත ශරිරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *