27 April 2024
#දේශීය

රටත් ජනතාවත් පහතට හෙලන දේශපාලකයින් ගැන අවදියෙන් සිටින නව සංවිධානයක්…

භව්‍ය, අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශයන් මගින් රට සහ ජනතාව ජාත්‍යන්තරව ද අසීරුවට පත්කරන දේශපාලකයින් හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් බව පවසන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ට, රජය ට බල කරන බලවේගයක් නුදුරේදී ම සමාජගත කිරීමට කණ්ඩායමක් සූදානමින් සිටින බව වාර්තාවෙයි.

පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් රට ණය කළ දේශපාලකයින් ඉදිරියටත් රට අසීරුතාවන් ට පත් කරමින් ගෙන යන දුෂ්ට ක්‍රියාදාමයන් හමුවේ වත්මන් රජය ද යම් උදාසීන බවක් ප්‍රකට කරන්නේ නම්, ජනතාව දැනුම්වත් කරමින් ඉදිරි ක්‍රියාමාර්ගයන් ට අවතීර්ණවීම ට මෙම පිරිස මේවනවිටත් සූදනමින් සිටින බව අප සමග අදහස් පළකළ එහි ක්‍රියාකාරීකයෙක් පැවැසී ය. නුදුරු දිනයක දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳව රට දැනුම්වත් කිරීම ට ද පියවර ගන්නාබවත් ඔහු අවධාරණය කළේ ය. එතෙක් මෙහි ව්‍යුහය හෙළි නොකිරීමටත් සංවිධායකයින් තීරණය කර තිබේ.

විශේෂයෙන්, රටේ ඉපැරණි උරුමයන් ආරක්ෂාකරන හා සංස්කෘති උරුමයන් ද සංරක්ෂණය වන, ඊට ගරුකරන පාලනයක් ද, සමාජ ව්‍යුහයක් ද තම සංවිධානය බලාපොරොත්තුවන බවත් ඔහු පැවැසී ය.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *