27 April 2024
#දේශීය

රටම ගිනිතියලා ජනපති විනෝද චාරිකා යනවා – ජවිපෙ කියයි  

කුමන්ත‍්‍රණය නිර්මාණය කරපු මෛතී‍්‍රපාල මහත්තයලා, මහින්ද රාජපක්‍ෂ මහත්තයලා අර්බුදය විසඳනවා වෙනුවට කුමන්ත‍්‍රණය පවත්වාගෙන යන්න කටයුතු කරන බව ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික ලක්‍ෂ්මන් නිපුනආරච්චි මහතා පවසයි.

අද (02) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාට බරපතළ වගකීමක් වන්නේ රට ස්ථාවර තත්වයකට ගෙන ඒමට නමුත් ජනාධිපතිවරයා විනෝද චාරිකා යන බවත් වීවෘත කිරීම්වලට යන බවයි. එය හරියට රෝමය ගිණි ගනිද්දී නීරෝ වීනා වයනවා වගේ වැනි අතර රටම ගිනිතියන ”බොහොම සැහැල්ලූවෙන් ඉන්න ජනාධිපති” කියලා පින්තූර පළ කරන බව හෙතෙම කියා සිටියේය.

එහිදී නිපුනාරච්චි මහතා මෙසේ අදහස් පල කර සිටියේය“ නමුත් අපේ රටේ ජනතාවත් මෙහි බරපතළකම හරිහැටි තේරුම් අරගෙන නැහැ. බලහත්කාරයෙන් හදපු ආණ්ඩුවට බහුතරය නැති බව දැන දැනත් බලහත්කාරී ආණ්ඩුව පවත්වාගෙන යන්න ජනාධිපති ඇතුළු කණ්ඩායම කටයුතු කරනවා. ජනාධිපතිවරයා හැසිරෙන්නේ බලහත්කාරය පාවිච්චි කරන, අත්තනෝමතික භූමිකාවකයි. පාර්ලිමේන්තුවේ බහුතරයට කන් නොදී තමන්ගේ බලතණ්හාව වෙනුවෙන් රටම සූදු පිටියක් කරගෙනා. බලහත්කාරයෙන් ආණ්ඩු හදන එක රටේ තහවුරු වෙලා ඒ බලහත්කාරය ජනතාවටත් යොදවන්න කටයුතු කළොත් තත්වය බරපතළයි. එනිසා රටේ සියලූ දෙනා මෙම කුමන්ත‍්‍රණයේ අනතුර පැහැදිලිව තේරුම් ගත යුතුයි. යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *