27 April 2024
#දේශීය

රටම ලේ විලක් නොකර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ විසදන්න එන්න

රටේ පවතින දේශපාලන තත්ත්වය විසදන්න හැකිවන්නේ පාර්ලිමේන්තුවේ පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට ඇති වි ඇති දේශපාලන අර්බුදය විසදන්න අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව කැඳවීමනේ පසුව බවයි.

එය 14 වනදාට කල් නොදා හැකි ඉක්මනින් කැඳවන ලෙසයි ඔහු කියා සිටියේ. ඔක්තෝම්බර් 26 වනදා සිදු වු සිද්ධියක් සමඟ රටේ සංවර්ධනයක් සිදුවීම ඇණ හිට ඇති බවත් පාර්ලිමේන්තුවේ බහුතර ඇත්තේ කාටද යන්න පිළිබඳ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ දැන ගැනීමට හැකියාව පවතින්නේ පාර්ලිමේන්තුව කැඳවීම තුළින් බව ප්‍රේමදාස මහතා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *