27 April 2024
#දේශීය

නව කැබිනට් ඇමැතිවරු දිවුරුම් දෙයි .. චමල්ටත් ඇමැති ධුරයක්

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී අද (07) පස්වරුවේ දිවුරුම් දී තිබේ. මේ අතරම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරියක් පත් කර තිබේ. 

01 – චමල් රාජපක්ෂ මහතා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසත්

02 – එස්.බී. දිසානායක මහතා, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්

03 – පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්විය.

මේ අතර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියක වන වසන්තා පෙරේරා මහත්මිය පත් කර තිබේ.

එසේම නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස එච්.එම්.පී. හිටිසේකර මහතා අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය

Leave a comment

Your email address will not be published. Required fields are marked *