• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට තුළ කිසිදු මූල්‍ය අර්බුදයක් නැහැ… සියළු ගෙවීම් මීළග බහුතර පාර්ලිමේන්තුවකින් – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

21 February 2020
in දේශීය

අකාර්යක්ෂම මූල්‍ය පාලනය හේතුවෙන් පසුගිය පාලන සමය තුළ ගෙවා ගත නොහැකි වූ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ වියදම් පියවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විරෝධය පළ කිරීම කණගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ෂෙහාන් මහතා මේ බව කියා සිටියේ අද (20) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

පැවැති ආණ්ඩුව මගින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමක් මගින් දැනට රජයේ වියදම් වෙනුවෙන් මුදල් වෙන් කෙරේ. ඒ අනුව 2020 ජනවාරි මස 01 වැනි දා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා රජයේ වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුම මගින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 757කි.

පසුගිය ආණ්ඩුව විසින් 2019 වසරේ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 156 මුදලක් නොගෙවා තිබූ අතර තවත් රුපියල් බිලියන 211ක මුදලක් ප්‍රතිපාදන නොමැතිව වැය කර තිබිණි. මෙහි සමස්ත එකතුව වන රුපියල් බිලියන 367කි. පසුගිය රජය මගින් සම්මත කර ගත් අතුරු සම්මත ගිණුම මගින් මේ සඳහා මුදල් වෙන් කර නොතිබූ අතර ඒ වෙනුවෙන් තවත් රුපියල් බිලියන 367ක මුදලක් ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත් විපක්ෂයේ විරෝධය හමුවේ අදාළ යෝජනාව ඉවත් කර ගැනීමට ආණ්ඩුවට සිදු විය.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙම ගෙවීම් වෙනුනේ අතුරු සම්මත ගිණුම මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ ඉඩ ලබා නොදුන්න ද මීළග අයවැය මගින් අදාළ මුදල් වෙන් කරන බවයි.

රට තුළ කිසිදු මූල්‍ය අර්බුදයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ සියලු ගෙවීම් සිදු කිරීමට ඇත්තේ 2019 වසර සඳහා බව අවධාරණය කළේ ය. නිසි ආදායම්, වියදම් හෝ ණය කළමනාකරණයක් නොමැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමන් විසින් ම කළ වරද නිවැරැදි කර ගැනීමට උත්සහ නොකිරීමට කණගාටුවට කරුණක් බව අමාත්‍යවරයා පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ කඩිමුඩියේ මුල්ගල් තබමින්, විවෘත කළ ව්‍යාපෘතිවල සැබෑ තත්ත්වය දැන් ජනතාවට අවබෝධ වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එම සංවර්ධන ව්‍යාපෘතිවලින් රටට කිසිදු යහපතක් සිදු නොවන බවයි.

ඉදිරි මහ මැතිවරණයේ දී ජනතාව මෙම පිරිසට නිසි ප්‍රතිචාරය දක්වනු ඇති බව ද සේමසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 8
Previous Post

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර පත් කෙරේ

Next Post

ඩේටා මාෆියාවක් ගැන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියයි

editor

editor

Next Post

ඩේටා මාෆියාවක් ගැන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved