27 April 2024
#දේශීය

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර පත් කෙරේ

ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

හරිගුප්තා රෝහණදීර මහතා සිවිල් අපරාධ නඩු පිළිබද ප‍්‍රවීණ නිතිඥයෙකු වූ හරිගුප්තා රෝහණදීර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයෙන් නීතිය පිළිබද විශිෂ්ට සමාර්ථය සහිත උපාධිය හිමි කර ගත් ඒ මහතා පරිපාලකයෙකු, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු, අපරාධ යුක්ති නීතිය පිළිබදව දේශකයෙකු ලෙස ද ප‍්‍රකටය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රධාන නීති උපදේශකවරයා ලෙස ද ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ද සේවය කළ ඒ මහතා රණවිරු සේවා අධිකාරියේ දිර්ඝ කාලයක් නීති උපදේශකවරයා ලෙස සේවය කර තිබේ.

 

හරිගුප්තා රෝහණදීර මහතා පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබ`ද විද්වතෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අභාවප‍්‍රාප්ත මැන්දිස් රෝහණදීර මහතාගේ පුත‍්‍රයෙකි.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *