27 April 2024
#දේශීය

පරණ හොරු අලුත් හොරු එකට තියලා පරද්දන්න – විජිත හේරත්

පරණ හොරුන් අලූත් හොරුන් දෙකම එකට තියල ප‍්‍රතිපත්තිමය වශයෙන් පරාජය කරල නව දේශපාලන සංස්කෘතියක් නව දේශපාලන නායකත්වයක් බිහිකිරීම රටේ ජනතාවගේ අපේක්ෂාව වෙලා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. ‍‍

අද (11)පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හේරත් මහතා කියා සිටියේ යහපාලන රජය පැමිණියේ රාජපක්ෂ පාලනයේ හොරකම්, වංචා, දුෂණ නතර කරන බවත් වරදකරුවන්ට දඩුවම දෙන බවයි. නමත් එය සිදු නොවු බවත් මේ වන විට රටේ ජනතාවට අවශ්‍යව ඇත්තේ රට හදන, රට රකින නව දේශපාලන නායකත්වයක් ඉදිරියට ගෙන ඒම. ඒ වෙනුවෙන් තමයි මේ ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය විදිහට නාම යෝජනා බාරදුන්නේ යැයි හෙතෙම පැවසිය.

ජාතික ජන බලවේගය සංවිධාන විසි අටක්, දේශපාලන පක්ෂ, දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන්, විවිධ වෘත්තිකයන්, නියෝජනය වන පුළුල් ජනතා මධ්‍යස්ථානයක් බවත් අප මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ රටට මග කියන ජාතියට වගකියන අතරමංවෙලා තිබෙන මේ ලංකාව නිවැරදි දිශාවට ගැනීම සඳහා වෙච්ච රට නිවැරදි මගට ගෙන යන ඒ ලාංඡනය ”මාලිමාව” කරගෙන මැතිවරණයට තරග කරන්නේ යැයි හේරත් මහතා අනාවරණ කළේය.

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලබන විසිහය වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්වලදී එළිදක්වන්න බලාපොරොත්තු වන අතර අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය, පරිසරය, ජාතික සමගිය, සංස්කෘතිය, කෘෂිකර්මාන්තය, වැනි විවිධ ක්ෂේත‍්‍ර ගණනාවක අපේ ප‍්‍රතිපත්ති වෙන් වෙන්ව ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇති බව විජිත හේරත් මහතා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *