27 April 2024
#දේශීය

රට හදන්න නම් උගත් අය පාර්ලිමේන්තුවට යැවිය යුතුයි

නිවැරදි දැක්කමින් රට හැදීමට නම් උගත් බුද්ධිමත් අලුත් අය පාර්ලිමේන්තුවට යැවිය යුතු බව සියම් මහා නිකායේ මල්වතු – අස්ගිරි මහනායක හිමිවරුන් පවසති.

ඒ අලුතින් හිතන සංවිධානය අද (09) දින සියම් මහා නිකායේ මල්වතු – අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දුටු අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

මෙම අවස්ථාවට මහාචාර්ය කමල් වලේබොඩ, සාහිත්‍යවේදී කල්‍යාණි හේරත් මැණිකේ, ශාස්ත්‍ර‍පති ම. ප. තමීර මංජු, නීතිඥ පියල් ගුරුගේ, තුසිත ජයවර්ධන, මනුල චමල් පෙරේරා, රුවන් පාදුක්ක, ප්‍රියදර්ශන බෙන්තොට ආරච්චි, දිනේෂ් සමීර කැලුම්, හෂාන් දිසානායක යන එම කමිටුවේ ක්‍රියාකාරින් එම අවස්ථාවට එක් විය.

එහිදී මහනායක හිමිවරුන් වෙත අලුතින් සියයක් පාර්ලිමේන්තුව සංකල්පය පැහැදිලි කරමින් තුසිත ජයවර්ධන මහතා පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේදී පාර්මේන්තුවට යැවිය යුතු අලුත් අය කවරේදැයි යන්න අවබෝධ කර ගැනීම සඳහා නිර්ණායක දහයක් මහජනතාව හමුවේ හඳුන්වා දී ඇති බවයි.

එහිදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකා‍‍‍ගෙඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින් වහන්සේ පැවසුවේ රට හැදීමට නම් අලුත් අයටද ඉඩ දීම වැදගත් වන බවයි. වඩාත් වැදගත් වන්නේ රටට ආදරය කරන පිරිස් පාර්ලිමේන්තුවට යැවීම බවද උන්වහන්සේ අවධාරණය කළහ.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *