27 April 2024
#සංවර්ධන

රත්නපුර ශික්ෂණ රෝහලට මහාචාර්ය ඒකකයක් සහ උපකරණ පරිත්‍යාග කරයි

රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට‌ පත් කර ඇති බැවින් සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමට කඩිනමින් මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරිමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා රුපියල් ලක්ෂ 7000 ක පමණ මුදලක් වියදම් කර ගොඩනැගිලි ඇතුලු භෞතික සම්පත් සංවර්ධනයට රජය තීරණය කර ඇති බව ද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ ඊයේ (19) රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධන අවශ්‍යතාවයන් සහ පහසුකම් සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

සබරගමුව පළාතේ 1877 වසරේ ආරම්භ කරන ලද රත්නපුර ශික්ෂණ රෝහල ඇදන් 1400 කින් යුක්තය. එම රෝහලෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය වන 1,171,000 කට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය වන 887,000 ක ජනතාවකට ‌සෞඛ්‍ය සේවා සපයනු ලබයි.

මෙම නිරික්ෂණ චාරිකාවේ දී රත්නපුර ශික්ෂණ රෝහල සදහා රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුතු වෛද්‍ය උපකරණ ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරිය අතින් සිදු විය. එම ලබාදුන් උපකරණ අතර Ultra Sound Scanners 03 ක් (10,000,000.00), Ultra Sound Scanners Protable 01 ක් (4,500,000.00), Anesthetic Work Stations 02 ක් (4,000,000.00), Multi Parameter Monitor 04 ක්, 1,000,000.00, Syringe Pumps 17 ක් (2,200,000.00), Infusion Pumps 07 ක් (700,000.00), defibrillators 02 ක් (1,300,000.00), Pulse Oxymeters 03 ක් (450,000.00), Phototherapy Unit 01 ක් (500,000.00), CTG Machines 02 ක් (500,000.00), FCG Recorders 03 ක් (750,000.00) ද වශයෙන් රුපියල් මිලියන 26 කට ආසන්න උපකරණ තොගයක් වන අතර, එම උපකරණ නිල වශයෙන් ප්‍රධානය කිරිම මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, පොදුජන පෙරමුණේ රත්නපුර ආසන සංවිධායක රංජිත් බණ්ඩාර මහතා, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ එම්.බී.ඒ රොද්‍රිගෝ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය, සබරගමුව පළාත් සභාවේ සභාපති, ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා, සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා, පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන්, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා දේශපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *