27 April 2024
#දේශීය

රන්ජන්ගෙන් පැය පහක් ප්‍රශ්න කරලා

අන්තර්ඡාලය ඔස්සේ මාධ්‍ය සාකඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (22) හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වෙයි.  

ඒ අනුව අද 1.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇති ඔහුගෙන් පැය 5කට ආසන්න කාලයක්   ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධව වන මෙම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මෙහෙයවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *