27 April 2024
#සංවර්ධන

මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය මාස තුනක් තුළ පවරා ගන්නා බව ඇමැති අමරවීර කියයි

මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිරි මාස තුන තුළ විදිමත් ආකාරයට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පස්වරුවේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ගිය අවස්ථාවේදී එම දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් කටයුතු පිළිබඳව අදාල බළධාරින්ගෙන් විමසීමකදිය.

මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදි කිරීම් අවසන් කර මේ වනවිට එහි දුම්රිය ධාවනය සිදු කරමින් තිබුනද, තවමත් එම දුම්රිය මාර්ගය ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට විධිමත් ලෙස පවරාගෙන නොමැත.

ඒ අනුව ශක්‍යතා වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතින අතර ඉදිරි මාස තුන තුළ මෙම ව්‍යාපෘතිය ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට කටයුතු කරන්නැයි අමාත්‍යවරයා දුම්රිය බලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම මාතර- කතරගම දුම්රිය මාර්ගයේ දෙවන අදියර වශයෙන් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සඳහා ඉඩම් පවරාගැනීම් හා ඒවාට වන්දි ලබා දීම මෙන්ම අදාල ශක්‍යතා වාර්තාව ද කඩිනමින් සකස් කර අවසන් කරන බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *