27 April 2024
#දේශීය

පෙබරවාරි 15 රනිල් හිරේට යාවිද? ජවිපෙ නලින්ද

ලබන පෙබරවාරි 15 වනදාට මහබැංකුව කඩලා වසර 05 සම්පුර්ණ වන බවත් එදාටවත් අඩුතරමේ රනිල් සහ අර්ජුන් මහේන්ද්‍රන් සිරගත කිරීමට නව රජය කටයුතු කරනු ඇතැයි සිතන බව ජනතා විමුක්ති පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ දූෂණ චෝදනාවකට ලක්ව සිටින ශෂි වෙල්ගම මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්කිරීම පිළිබඳ ,රාජ්‍ය ආයතන සහ සංස්ථාවලට නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ සාමාජිකයින් රටට කරුණු පැහැදිළි කළ යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා දූෂිතයින් ළං නොකරන බවත් දූෂිතයින් රාජ්‍ය ආයතනවලට පත් නොකරන බව ජනතාව බලාපොරොත්තු වු බව හෙතෙම පැවසිය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *