27 April 2024
#දේශීය

රාජපක්ෂලාට එකතු වෙන්නේ නෑ …එජාපය සමඟ ඉදිරියටත් – ජනපති

මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉදිරියේදී කිසිදු අවස්ථාවක එකතු නොවන බවත් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (04) කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා තිබේ.

TTVnews.lk වෙබ් අඩවියට කැබිනට් මණ්ඩලයේ සිටි ඉතා විශ්වාස කටයුතු පුද්ගලයෙකු කියා සිටියේ  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි මාස 05 තුල ඉතා සමගියෙන් රටේ සංවර්ධනය කටයුතු සඳහා එක්වන ලෙස දන්වා සිටි බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී කිසියම් හේතුවක් නිසා හෝ තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පක්ෂයට සහයෝගය නොදක්වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසු බවත් එක්සත් ජාතික පක්ෂය තරුණ ජවයත් එක්ක පක්ෂය හරි මාර්ගයට එන්නේ නම් කැබිනට් මණ්ඩලයේ සිටි ඉතා විශ්වාස කටයුතු පුද්ගලයා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *