27 April 2024
#දේශීය

රාජපක්ෂවරුන්ට ඇති සතුරු බලවේග අගොස්තු මස අවසන් කරනවා – කුමාරසිරි කියයි

රටට ආදරය කරන විශ්වාසනීය ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් ප්‍රධාන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම බව සියළු දෙනා පෙළ ගැසිය යුතු කාලයක් එළැඹ ඇති බව ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසයි.

කොටපොල දෙනියාය ත්‍රී රෝද සංගමයේ ආරාධනයෙන් යාපිටකන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් හෙට්ටිගේ මහතා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් දේශපාලන කඳවුරෙන් ඉදිරි ජනපතිවරණ අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. නමුත් මේ වන විට රාජපක්‍ෂවරුන්ට එරෙහි සතුරු බලවේග ද යළි ක්‍රියාත්මක වී සිටිනු ඇති බව හෙට්ටිගේ මහතා කියා සිටියේය. නමුත් එම සියලු සතුරු බලවේග ලබන අගෝස්තු අවසන් වන විට පරාජය කරන බව හෙතෙම පැවසිය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *