27 April 2024
#සංවර්ධන

කෘතිම ලෝකවල ඉන්න දරුවො හදල වැඩක් නෑ -ඇමැති අකිල

රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් බිහි කළ යුත්තේ කෘතිම ලෝකවල තනිවූ දරුවන් නොව ගුණදහම් සුරකින, මිනිස්කම් හඳුනන, සමාජයට යහපත සලසන දරුවන් බවත්, එවැනි දරුවන් ගොඩනැඟීම පිළිබඳ අභියෝගයක් අද අපට තිබෙන බවත්, බුදුදහම හරහා ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකළ හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ 90 වැනි සංවත්සර සමරුවට සමගාමී ව කෝටි හතක මූල්‍ය ආයෝජනයෙන් ඉදිකෙරෙන බහුකාර්ය තාක්ෂණික ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,” රටේ අධ්‍යාපන ඇමතිවරයා වශයෙනුත්, රජයක් වශයෙනුත් අධ්‍යාපනය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියල්ල ලබාදෙන්නට උත්සාහ කරන්නේ ඒ දීර්ඝ ගමන සාමූහිකව යා යුතු නිසා බවත් සඳහන් කළ අමාත්‍යවරයා, “තවත් මාස දෙකකින් අපි ටැබ් ලක්ෂයක් දෙනවා නොමිළේ, ජාතික පාසල්වල උසස් පෙළ කරන දරුවන්ට සහ ගුරුවරුන්ට. මේ වෙනස්කම් කරද්දි , අලුත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරද්දි සමහරු විවේචනය කරනවා. ලෝකයත් එක්ක ඉස්සරහට යන්න අපි අපේ දරුවන් පෙළ ගැස්විය යුතුයි. ගුණදහම් පිරුණ දරුවන් හදන්න බෞද්ධ දර්ශනය තුළින් අපට විශාල වගකීමක් පැවරෙනවා..”යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *