රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා තමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් නිල ලිපිය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.නැවතත් සිය විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය සේවාවන් සඳහා එක්වීමේ අරමුණින් ඔහු මෙලෙස සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් ප්‍රකාශකයෙකු සනාථ කළේය. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණ මහාචාර්යවරයෙකු වන මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ පසුගිය 2024 වර්ෂයේදීය.
















