27 April 2024
#දේශීය

වාසු සහ ප්‍රභා එක්වෙයි – පුළුල් සන්ධානයකට ගිවිසුම් අත්සන් කරයි

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නායක ප්‍රභා ගනේෂන් මහතා අතර පුළුල් සනධානයක් ගොඩ නැගීම සඳහා වු ගිවිසුමක් ඊයේ (01) ධර්මපාල මාවතදී අත්සන් කර තිබේ.

උතුරු සහ දකුණේ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබා ගැනීම සඳහා මෙම ගිවිසුම අත්සන් කර ඇති බව ප්‍රභා ගනේෂන් මහතා Ttvnews.lk වෙබ් අඩවිය වෙත කියා සිටියේය. ඒ මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා සමඟ මෙම ප්‍රශ්ණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

එසේම මෙම අත්සන් කළ ගිවිසුම මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ද භාර දීමට ඊයේ කටයුතු කළ බව ගනේෂන් මහතා කියා සිටියේය. එසේම ඉදිරියේදී මැතිවරණයක් නොමැති අවස්ථාවකදී පවා වාසු දේව නානායක්කාර මහතාගේ පක්ෂය සමඟ පුළුල් සන්ධායකින් කටයුතු කරන බව හෙතෙම අනාවරණ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *