27 April 2024
#දේශීය

රාජ්‍ය සේවයේ වෙනස් කම් ගැන බැසිල්ගේ අවධානය

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා, සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුකරවන බව පවසයි.

මෙරට ආර්ථික සංවර්ධනය සඳහා,මහමැතිවරණයේදී ජනතාව ලබා දුන් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත දැවැන්ත ජනවරම යොදා ගත යුතුව ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසනවා.

ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී ඔහු මේ අදහස් පලකලා.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජනවරමක් ලබාදුන් ජනතාව මෙරට සංවර්ධනයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටින අතර, එම වෙනස උදා කිරීම සඳහා සැලසුම් සේවයට අතිවිශාල කාර්යයක් පැවරී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේ දී ශ්‍රම බලකාය අරමුණු කරගත යුතු බව ද ඔහු සඳහන් කළේය.

යටිතල පහසුකම් සංවර්ධනයට සීමා නොවී පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සඳහා රාජ්‍ය ආයතන එක්රැස් කරගන්නා දත්ත සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවිය යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *