27 April 2024
#දේශීය

9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමට සියලු මන්ත්‍රීවරුන්ට සහභාගීවන්නැයි දැනුම් දීමක්

9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම ලබන 20 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති අතර ඒ සඳහා සියළුම මන්ත්‍රිවරුන්ට සහභාගීවන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව දැනට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ගැසට් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනාට අදාළ ලිපි යොමුකර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

9 වන පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේ කටයුතු මේ මස 20 වැනිදා පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *