27 April 2024
#දේශීය

රාජිතගේ ඇප – කැන්සල්ද නැද්ද ? තීන්දුව හෙට

සුදුවෑන් රියදුරන් ලෙස දෙදෙනකු යොදවා මාධ්‍ය හමුවක් සංවිධානය කර පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට එරෙහිව ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය කොළඹ මහාධිකරණය විසින් හෙට (13) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කළ නියෝගය සංශෝධනය කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය හෙට දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ට ඇප ලබා දෙමින් තීන්දුව ලබාදී ඇත්තේ   කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් වන අතර  ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන අයැදුම සම්බන්ධ නියෝගය හෙට (13) කොළඹ මහාධිකරණයේ දී ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත මංජුල තිලකරත්න විනිසුරුය..

Leave a comment

Your email address will not be published. Required fields are marked *