27 April 2024
#දේශීය

රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි – කුසල් මෙන්ඩිස් ඇප ලබයි

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය අද (6) නියෝග කළේය .

ඒ අනූව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.

කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවතත් සැප්තැම්බර් 9 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

පානදුර  හොරෙතුඩුව ප්‍රදේශයේ දී පාපැදිකරුවෙකු මෝටර් රථයේ හප්පා මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස්  ඊයේ (5) දින අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ.

මියගිය පාපැදිකරු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබා දීමට සැකකාර ක්‍රිකට් ක්‍රීඩක  කුසල් මෙන්ඩිස්  වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ දී එකඟ විය.

එයින් රුපියල් ලක්ෂ 2 ක මුදලක් අද (6) දින ලබා දීමට ද කටයුතු කෙරිණි. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *