27 April 2024
#දේශීය

මගී රස්තියාදුව අවසන් – බස් වෙනුවෙන් අලුත් ඇප් එකක් එයි

මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ තොරතුරු ඇතුළත් mybuslk නමින් ජංගම දුරකථන යෙදවුමක් ජාතික ගමනාගමන කොමිසම මගින් දියත් කිරීමට නියමිත අතර එම    ජංගම දුරකථන යෙදවුම දියත් කිරීම හෙට ( 07) කොළඹ දී සිදුකරන බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙම  ජංගම දුරකථන යෙදවුම ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරන නුවන් සෙනෙවිරත්න  විසින් සිය මුදල් වැය කර නිර්මාණය කර ඇත.

අදාළ  ජංගම දුරකථන යෙදවුම භාවිතයෙන් බස් රථයක ගමන් ආරම්භය හා ගමනාන්තයට ළඟා වීමට නියමිත වේලාව, සහ මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා නියමිත බස් ගාස්තුව දැනගත හැකිය.

එසේම තමන් ගමන් ගත යුතු බස් රථය ඒ් මොහොතේ පවතින ස්ථානය, අන්තර්ජාලය හරහා මගී පැමිණිළි ඉදිරිපත් කිරීමට ඇති පහසුව, සහ ප්‍රවේශපත්‍ර වලට ගෙවීම් කටයුතු කාඩ් පතක් මගින් ගෙවීමට ඇති පහසුකම් සැළසීම ආදි සියලු පහසුකම් මෙම යෙදවුමේ අන්තර්ගත බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *