ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි. අගුරුවාතොට, වදුරඹ, ගාල්ල, කහටගස්දිගිලිය, වේවැල්වත්ත සහ වාරියපොළ යන ප්‍රදේශවලින් මෙම මාරක රිය අනතුරු වාර්තා වී තිබේ. උත්සව සමය තුළ රිය පැදවීමේදී වඩාත් අවධානයෙන් සහ කල්පනාකාරීව කටයුතු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














